The pitch video is worth 20 marks — as much as feasibility or innovation. The good news: a great pitch is a formula, and you can learn it in one page. Sinhala or English, your choice.
පිච් වීඩියෝවට ලකුණු 20ක් — ශක්‍යතාවට හෝ නව්‍යතාවට තරම්ම. සුබ ආරංචිය: නියම පිච් එකක් කියන්නේ සූත්‍රයක්, ඒක එක පිටුවකින් ඉගෙන ගන්න පුළුවන්. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් — ඔබේ කැමැත්ත.
A surprising fact, a question, or a 2-sentence story. Make us NEED to hear the rest.
"Every morning, my grandmother stares at seven pill packets, trying to remember which one is for lunch."
"හැම උදේම මගේ ආච්චි බෙහෙත් පැකට් හතක් දිහා බලාගෙන ඉන්නවා, දවල්ට ගන්නේ මොකක්ද කියලා මතක් කරගන්න හදනවා."
Who suffers, how often, what it costs them. Use a real number from your proposal.
"Sri Lanka has over 2.5 million people aged 60+, and missed doses send thousands to hospital every year."
"ලංකාවේ 60+ මිලියන 2.5කට වැඩි පිරිසක් ඉන්නවා, dose මඟහැරීම් නිසා අවුරුද්දකට දහස් ගණනක් රෝහල් යනවා."
What your app does, as a story of one user. Name the AI superpower and the data.
"You photograph the packets once. At two o'clock, the phone says in Sinhala: 'Seeya, the small white pill.' The AI recognises each packet by sight."
"පැකට් එක වතාවක් ඡායාරූප කරනවා. දෙකට phone එක සිංහලෙන් කියනවා: 'සීයේ, පොඩි සුදු පෙත්ත.' AI එක හැම පැකට් එකක්ම පෙනුමෙන් හඳුනාගන්නවා."
Why it can really be built and roughly what it costs to build and run.
"Image recognition and Sinhala voice both exist today — we're combining them, not inventing them. It runs on the family's own phone, so monthly cost is zero."
"රූප හඳුනාගැනීමත් සිංහල හඬත් අද තියෙනවා — අපි ඒවා එකතු කරනවා, අලුතින් හදන්නේ නැහැ. පවුලේම phone එකේ දුවන නිසා මාසික වියදම බිංදුවයි."
Your Coke-vs-Pepsi moment. Name a similar product, then say your one-liner.
"Reminder apps exist — built for people like us. Ours is built for a 75-year-old who reads Sinhala and trusts a voice more than a notification."
"Reminder app තියෙනවා — ඒත් ඒවා හදලා තියෙන්නේ අපි වගේ අයට. අපේ එක හදලා තියෙන්නේ සිංහල කියවන, notification එකකට වඩා හඬක් විශ්වාස කරන 75 හැවිරිදි කෙනෙක්ටයි."
End strong and forward-looking: what you'd do first if your idea is selected.
"Give us one term, and we'll test it with ten families in our village — starting with my grandmother."
"අපට එක වාරයක් දෙන්න — අපේ ගමේ පවුල් දහයක් එක්ක test කරනවා. පටන් ගන්නේ මගේ ආච්චිගෙන්."
The recording of the live session (including the pitching demo) will be linked here after class.
සජීවී සැසියේ පටිගත කිරීම (පිච් demo එකත් ඇතුළුව) පන්තියෙන් පසු මෙහි link කරනු ලැබේ.